Showing posts with label Unity. Show all posts
Showing posts with label Unity. Show all posts

Wednesday, March 6, 2019

Battle Zone - Legacy Reborn(TRON Game) Game Review & Download setup #free




ඔන්න ඉතින් අදත් ඔයාලත් එක්ක මං එකතුවෙන්නෙ ලංකාවෙ හදපු සුපිරිම ටිකක් වෙනස්ම විදියෙ Unity Game එකක් එක්ක. මේකෙ නම Battle Zone - Legacy Reborn කියල තමයි නම් කරල තියෙන්නෙ. Game එක ගැන කතා කරන්න කලින් පහලින් පෙන්නන්ම් ඔයලට ඒක මොන වගේද කියල.


පේනව නේද Cover එකෙන් බැලූ බැල්මට TRON Film එක වගේමයි කියල, විශේෂත්වය තමයි  Battle Zone - Legacy Reborn Game එක හදල තියෙන්නෙ ලංකාවෙ අපේම සහෝදරයෙක් වීම. ඒ තමයි සජිත රත්නායක අයිය. Game එක හදල තියෙන්නෙ Unity Game Engine එක use කරල. ඒ වගේම Game එක හදන්න මාස තුනක විතර කාලයක් ගිහින් තියෙනව. ඒ මාස 3න ගෙවෙන්නෙ දවසකට පැය 3ක් වගේ Game එක හදන්න යොදවල කියලයි ඔහු කියන්නෙ.


Game එක ගැන කතා කරොත් දැනට මේ Game එකේ Single Player Alpha Version එක release කරල තියෙන්නෙ. Arcade 3D Video Game ගණයට තමයි Battle zone game එක අයිති වෙන්නෙ. මම පහලින් දාල තියෙනව mediafire ලින්ක් එක. 64.4 Mb නිසා මම හිතනව කවුරුත් කම්මැලි නැතුව download කරගෙන play කරාවි කියල. අනිවාර්යෙන් download කරල Play කරල බලන්න. ලංකාවෙ වැඩක්නෙ.


Technical පැත්ත ගැන කතා කරනවනම් ඔයාල දැනටමත් දන්නව Game engine එක Unity. Models සේරම වගේ free download කරල use කරල තියෙන්නෙ. Ram Studio එකේ රවිඳු අයියවත් මතක් කරන්න ඕන files convert කරල models .fbx format එකට අරගෙන තියෙන්නෙ ඒ අයියගෙ උදව්වෙන්. UI ගොඩක්ම ලස්සනට design කරල තියෙනව වගේම simple. Alpha release එකක් ඔයාලට play කරන්න ලැබුණත් මම හිතනව ගොඩක් හොඳ finishing එකක් තියෙනව කියල.


Game Play එක ගැන කතා කරොත් මුලින්ම අපේ bike එකට කැමති පාටක් තොරගන්න පුලුවන්. ඒට පස්සෙ player ගෙ නම දීල අපට අවශ්‍ය විදියට settings වෙනස් කරගන්න පුලුවන්. ඊට පස්සෙ Create match වලදි  අපි කැමති zone එකක(ඒ කියන්නෙ support items සියල්ල ඇතුලුව හෝ දෙකක් පමණක් ඇතුව), කැමති opponents ල එහෙමත් නැත්නම් players ල ගනණක්(2-8) සහිතව  5-60 min  කාලයක් game එක play කරන්න හදන්න පුලුවන්. Game mode දැනට active වෙලා තියෙන්නෙ Death match විතරයි single player නිසා. capture point සහ knockout modes, multiplayer mode යටතේ ඉදිරියෙදි play කරන්න පුලුවන් වේවි ඔයාලට.


System Requirements නම් ගොඩක් ඕන නැතිවේවි. 1GB RAM, 512 VGA සහ 100mb Hard space තියෙනවනම් මේ game එකේ  alpha release එක play කරන්න පුලුවන් වේවි. ඉතින් වැඩිය කියන්න ඕන නෑ game එක ගැන, play කරලම බලන්න.


Game එක ගැන හොඳ නරක තියෙනවනම් කියන්න.ඒ හැම එකක්ම අපේ ලංකාවෙ game developers ලට හොඳ feedback එකක් වේවි කියල මං හිතනව. අවශ්‍ය ඕනම දෙයක් අහල දැන ගන්න මේ සම්බන්ධව හෝ Unity ගැන, පහල link දාන්නම්  සජිත රත්නායක අයියගෙ සහ එයාගෙ fb page වල ඕනම වෙලවක ඔයාට අවශ්‍ය දෙයක් අහල දැනගන්න පුලුවන් වෙවි.ඒ වගේම Geek Diaries ඉන්නව ඔයාල අහන ඕනම දේකට. ඔයාලට තියෙන ප්‍රශ්න සහ මේ post එක ගැන comment තියෙනවනම් මේ Post එක පහල comment section එකේ දාන්න. ඔබට ජය!

Download link :- MEGA/Google Drive link for download BATTLE ZONE - LEGACY REBORN Alpha version

FaceBook :- Sajitha Rathnayake
Website    :- http://battlezonegame.onezerodev.com/
Fb Page    :- https://web.facebook.com/OneZeroDev/


Monday, January 21, 2019

කූඹියෝ (Koombio) Game Review & Setup Download #Unity #Kodex #Free_Setup

ඉතිං ඔයාල එක්ක කාලෙකින් එකතු වුනේ අලුත් Game Review Section එකත් එක්ක. හැමෝම බලගෙන හිටිය කූඹියෝ game launch එක පහුගිය සෙනසුරාද එහෙමත් නැත්නම් ජනවාරි 19 වෙනිදා Dialog Axiata Auditorium එකේදි පැවැත්වුණා. ඒ ගැන තමයි අද අපි කතා කරන්න යන්නෙ.



මුලින්ම කියන්න ඕන මේ Game එක නිර්මාණය කරේ Kodex ආයතනය විසින්. මේක විශේෂ වෙන්නෙ ලංකාවෙ නිෂ්පාදනයක්, ලංකාවෙ ප්‍රථම වරට TV series එකක් Base කරගෙන හදපු පළමු game එකක් විදියට කූඹියෝ game එක හඳුන්වන්න පුලුවන්. මම ඔයාලට tutorials කරපු Unity Game engine එක පාවිච්චි කරල තමයි Game එක නිෂ්පාදනය කරල තියෙන්නෙ. ඒක නිසා අමතක කරන්න එපා ඔයාලටත් Game එකක් හදන්න පටන් ගන්න පුලුවන් Advanced Game Engine එකක් Unity කියන්නෙ. පහලින් මම Game Play එකේ Screenshots ටිකක් දාලම Review එකට එන්නම්.








මේකෙදි ඔයාලට Play කරන්න තියෙන්නෙ මේ TV Series එකේම එන ප්‍රධාන චරිත 3 විදියට. ඒ කියන්නෙ ජෙහාන්, ප්‍රියන්ත සහ හිරුණි කියන චරිත 3 විදියටම ඔයාලට  Game එක Play කරන්න ලැබෙනව. ඉතින් Game එක පුරාවටම missions තියෙනව 3rd person open world game එකක් විදියට play කරන්න. Game එක play කරන්න පටන් ගන්නෙ ප්‍රියන්ත විදියට, මුලින්ම ජෙහාන් ඉන්න place එක හොයන්න, ඊට පස්සෙ delivering කරන්න ඒ විදියට කථාවෙ විදියට objectives complete කරන්න තියෙනව. සේරම කියන්නත් හොඳ නෑනෙ, ගහලම බලන්න. 😄😉😉



ඔයාලට පේනව ඇති Game එක ගැන කතා කරොත් මුලින්ම කියන්න ඕන graphics ඉතාම හොඳ තත්වයේ තියෙනව. ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව Ultra Graphics දාල Play කරන්න පුලුවන්. Game එකේ Reality බව ගන්න TV series එකේම videos effects භාවිතා කරල Game එක අතරට Cut Scenes විදියට යොදාගෙන තියෙනව. Game assets වලට අදාලව buildings, vehicles ලංකාවෙ තත්වෙටම ඒ තියෙන විදියටම design කරල තියෙනව.

System Requirements
--------------------------


kodex ආයතනය විසින් මේ game එක හදල තියෙන්නෙ windows, mac සහ ubuntu කියන platform 3නේම play කරන්න පුලුවන් විදියට. ඒ වගේම option panel එකේ ඔයාලට බලාගන්න පුලුවන් quality එක resolution ඔයාල කැමති විදියට වෙනස් කරගන්න පුලුවන්.  අවම වශයෙන් ඔයාලට මේ Game එක play කරන්න 2GB Ram එකක් තියෙන්න ඕන, 8GB storage එකක් තියෙන්න ඕන කියල තමයි kodex ආයතනය නිර්දේශ කරල තියෙන්නෙ. ඉතින් මේක තියෙන්නෙ version 1 කියල ඉස්සරහට ඔයාලට මේකෙ හොඳ version බලගන්න පුලුවන් වේවි.

ඉතින් මේ ලිපියේ අවසානයෙ තියෙනව kodex ආයතනය විසින් Game එක free download කරන්න පුලුවන් official web site එක ඒවගේම mediafire direct link එක, Game එක තියෙන. හැබැයි Game setup එකේ size එක නම් 3.6GB වෙනව. mediafire link එකෙන් direct download කරගන්න පුලුවන්.

Download link
-------------------

Official website :- http://koombiyogame.com/

Download by Mediafire :- http://www.mediafire.com/file/5tp7cvk9k2vag6u/KoombiyoGame+V1.rar

ඉස්සරහටත් මේ වගෙ games reviews, tutorials ගේන පොරොන්දුවත් එක්ක නැවතත් හමුවෙමු. ඔබට ජය!

Saturday, November 17, 2018

Unity Tutorial Sinhala - Unity ගැන සිංහලෙන් ඉගෙනගමු - Scripting - 8

කලින් post එකේදි අපි කතා කරා animation parameters එක්ක වැඩ කරන්නෙ කොහොමද කියල. මගේ කලින් post බලල නැත්නම් අනිවාර්යෙන් ඒව බලල එන්න මොකද අද අපි කරන්නෙ ඉතා වැදගත් පාඩමක් නිසා. මේකෙදි අපට කලින් කරපු කොටස් අනිවාර්යයෙන් ඕන වෙනව.



ඉතින් අද අපි කතා කරන්නෙ Unity Scripting කරන හැටි. හරියටම කිව්වොත් game objects සහ අපි හදන game එකට script හරහා call කරන්න පුලුවන්. මෙතනදි වෙන්නෙ මෙහෙම දෙයක් ඔයාලට මතක ඇති අපි game objects අපේ game එකට add කරා. ඊට පස්සෙ ඒවට animations එකතු කරා. මේ animations වලට animation controller හරහා විවිධ state වලදි හැසිරෙන්න ඕන විදිය animation parameter මගින් වෙනස් වෙන්න ඕන විදිහ ගැන කතා කරා. ඒ උනාට මේව ක්‍රියාත්මක වෙන්න ඕන වෙලාව, ක්‍රියාත්මක වෙන්නෙ මොන inputs දුන්නහමද, ඒව වෙනස් වෙන විදිහ සේරම හසුරවන්නෙ script එක හරහා.

මූලික අවබෝධයක් දෙන්නම් scripting ගැන ප්‍රධාන කොටසක් නිසා. Unity වල scripting වලට default IDE එකක් දෙනව setup එක download කරනකොටම. ඒ Monodevelope IDE එක. භාවිතා කරන language එක C#. මුල්ම කාලෙ Unity version වල Java Script language එක use කරා unity ලට ආවේණික විදියට වෙනස් කම් කරල. ඒත් භාවිතයේ අඩුවීමත් එක්ක මේ language එක game engine එකෙන් ඉවත් කරල තියෙනව.

C# script එකක් add කරගන්නෙ මෙහෙමයි. මුලින්ම මම project panel එකේ scripts කියල folder එකක් හදාගත්ත. ඒක ඇතුලට ගිහින් right click කරල ලැබෙන menu එකේ Create->C# Script තෝරන්න.



ඊට පස්සෙ ලැබෙන  script එක player කියල rename කරගන්න.



මම player කියල මෙතනදි හදුන්වන්නෙ අපේ cube game  object එක. ඒක නිසා මම cube එකට මේ script එක එකතු කරන්න ඕන. ඒ නිසා game window එකේදි cube එක select කරන්න. ඊට පස්සෙ player script එක drag කරල inspector window එක උඩට drop කරන්න.



දැන් අපේ cube එකට player script එක add වෙලා තියෙන්නෙ. දැන් script එක double click කරන්න. එතකොට ඔයාලගෙ monodevelop IDE එක open වේවි. මම මගේ IDE එක VSCode වලට වෙනස් කරගෙන තියෙන්නෙ.(තමන්ට කැමති IDE එකකට හදාගන්න පුලුවන් Edit->Preference->External Tools හරහා).


මෙතනදි ඔයාලට පේනව player class එක MonoBehavior කියන namespace එක ඇතුලෙ තමයි create වෙන්නෙ. (namespace එක කියන්නෙ MonoBehavior Project එකක් කියල හිතන්නකො, ඒ project එක ඇතුලෙ තියෙන class එකක් තමයි player කියල හිතන්න)

මේකෙ start සහ update කියල methods දෙකක් පේනව ඇති. start method එකේදි වෙන්නෙ game එක start වෙනකොට මොනවද වෙන්න ඕන කියල කියන එක. update method එකේදි එන්නෙ game එක play වෙන හැම frame එකකදිම update වෙන්න ඕන දේවල් මොනවද කියල කියන එක.

දැන් මම script එක check කරන්න start method එක ඇතුලෙ print statement ලියනව Debug.Log("Hello world"); කියල. ඊට පස්සෙ script එක save කරගන්න.



දැන් play button එක ඔබන්න. එතකොට console එකේ ඔයාලට පෙනේවි hello world කියල print වෙනව.

හරි. දැන් මම අපි හදන game එකට අදාලව code එක පහල පේන විදියට වෙනස් කරගන්නම්.

using System.Collections;
using System.Collections.Generic;
using UnityEngine;
public class player : MonoBehaviour {
    public float player_speed;
    private Animator anim;
    // Use this for initialization
    void Start () {
        anim = GetComponent<Animator>();
    }
    
    // Update is called once per frame
    void Update () {
        player_speed = Input.GetAxis("Vertical");
        anim.SetFloat("speed",player_speed);
    }


මුලින්ම කියන්නම් code එක ගැන. මුලින්ම private Animator type එකක් අරගෙන anim කියල variable එකකට
declare කරගත්ත. මෙතනදි අපි Inspector එකේ animator එක තමයි අපේ script එකට ගත්තෙ.
ඊට පස්සෙ player_speed කියල float variable එකකුත් declare කරගන්න ඕන.

start method එකේදි GetComponent function එක හරහා අපේ Animator එකට call කරල තියෙනව.
මොකද හැම frame එකේදිම අපි set කරගත්ත speed කියන animation parameter එකට call කරන්න ඕන
SetFloat fucnction එක හරහා.

 player_speed = Input.GetAxis("Vertical"); මේකෙදි කියන්නෙ GetAxis function එකෙන් යන්න ඕන
දිශාව ගන්න එක. Vertivcal කියන්නෙ සිරස් අක්ෂය හරහා unity standard ලබාදෙන keys(ඕනම game එකක)
forward(ඉදිරියට යන්න) w හරි up Arrow එක හරි.

දැන් unity වලට ගිහින් play button එක ඔබල බලන්න. දැන් W key එක press කරන්න එතකොට අපේ
animation එක වැඩ කරනව ඔයාලට පෙනේවි.

ඉතින් අද මම කතා කරේ unity scripting ගැන. මේ ගැන ගොඩක් දේවල් ඔයාලත් හොයල බලන්න.
scripting වලට අදාලව ගොඩක් predefined functions තියෙනව unity වල. ඒව කරල practice වෙන්න. ඔයාලගෙ comments, ප්‍රශ්න තියෙනවනම් පහල comment section එකේ දාන්න. ඔබට ජය!

Saturday, November 3, 2018

Unity Tutorial Sinhala - Unity ගැන සිංහලෙන් ඉගෙනගමු - Animation Parameters - 7

කලින් post එකේදි අපි කතා කරා කොහොමද අපේ game asset එකකට Animator Controller එකක් එකතු කරගන්නෙ කියල. ඒ post එක ඔයාල තාම බලල නැත්තම් මෙතනින් බලන්න පුලුවන්. අද අපි කතා කරන්නෙ Animator Controller window එකෙදි කොහොමද animation parameters එකතු කරගන්නෙ කියල.



Animation parameter එකක් කියන්නෙ මෙහෙම දෙයක්. හිතන්න අපේ cube එකට ඉස්සරහට යන්න ඕන speed කියන variable (විචල්‍ය) 0 ට වඩා වැඩි වෙනකොට. ආයෙත් නවතින්න ඕන speed එක 0 දි. එහෙමත් නැත්නම් මොකක් හරි animation එකක් play වෙන්න ඕන boolean එකක් true වෙන වෙලාවට. අනිත් වෙලවට(false) animation එක වැඩ කරන්නෙ නැතුව ඉන්න ඕන. මේවගේ වෙලාවට තමයි animation parameters භාවිතා වෙන්නෙ.


මම උඩ රූපෙන් පෙන්නල තියෙන්නෙ උදාහරණයක් මෙතන parameters 4 ක් භාවිතා කරල තියෙනව forward, strafe, fire, die කියල. forward, strafe කියන දෙකම float values. fire කියන්නෙ bool එකක්. bool එකක් දානකොට තමයි checkbox එකක් වටෙන්නෙ. true නම් checkbox එකේ හරියක් වැටෙනව. die කියන්නෙ trigger එකක්. ඒක radio button එකක්.

parameters වර්ග 4 ක් තියෙනව.

  • Int - an integer (whole number)
  • Float - a number with a fractional part
  • Bool - true or false value (represented by a checkbox)
  • Trigger - a boolean parameter that is reset by the controller when consumed by a transition (trigger එක කියන්නෙ අපට අවශ්‍ය controller ද ඉන්නෙ කියල දැනගන්න boolean parameter එකක්)

parameters ගැන ඔයාලට දැන් අවබෝධයක් ඇති. දැන් අපේ game එකට යමු. මම් හිතන් ඉන්නව cube එකේ forward animation එකට speed කියල parameter එකක් දාන්න.

මුලින්ම අපේ animator controller එකේ base layer එක පහත පරිදි හදාගන්න ඕන.


මෙතනදි මම idle සහ forward කියල state 2 ක් හදාගෙන තියෙනව. ඊට පස්සෙ idle එකේ ඉඳල forward එකටත් forward එකේ ඉඳල idle එකටත් transition 2 ක් එකතු කරගෙන තියෙනව. ඊට පස්සෙ idle එක මගේ default state එක කියල තෝරගෙන තියෙනව. මොකද game එක පටන් ගන්නකොට cube එක, එක තැනක තියෙන්න ඕන.(state, transition දාන විදිහ මම කලින් post එකේ කියල තියෙනව) .


දැන් මුලින්ම animator controller window එකේ වම් පැත්තෙ ඉහල කෙලවරේ තියෙන + mark එක click කරන්න.


ලැබෙන menu එකේ float තෝරන්න.


දැන් parameter එකක් දාන්න අපට box එකක් එනව ඒකෙ parameter එක speed කියල වෙනස් කරගන්න.


දැන් අපට idel -> forward යන transition එක select කරගන්න ඕන. ඊට පස්සෙ conditions යටතේ + mark එක ක්ලික් කරගන්න.


රූපෙ විදිහට speed එක 0.1 ට වඩා විශාල නම් කියල අපේ condition වෙනස් කරගන්න. එතකොටනෙ cube එක ඉස්සරහට යන්න ඕන. ඒකට speed, greater, 0.1 කියල conditions හදාගන්න.


ඒ විදිහටම forward ඉඳල idle වෙනකොට අපේ cube එක නවතින්න ඕනනෙ. ඒකට ඒ transition එක select කරල speed, less , 0.1 තෝරන්න.

හරි අපි අද අපේ forward animation එකට conditions දාගත්ත. ඒ විදිහට animation භාවිතා කරන හැම වෙලවෙම අපට conditions දාගන්න වෙනව. ඊළඟ post එකේදි අපි බලමු C# වලින් scripting කරන විදිහ.
ඔයාලගෙ comments, ප්‍රශ්න තියෙනවනම් පහල comment section එකේ දාන්න. ඔබට ජය!

Saturday, October 27, 2018

Unity Tutorial Sinhala - Unity ගැන සිංහලෙන් ඉගෙනගමු - Animator Controller - 6

ඔයාලට මතක ඇති අපි ගිය සතියෙ අපි හදාගත්ත game object එකට එහෙමත් නැත්නම් box එකට animation එකක් එකතු කර ගත්ත.තාමත් ඒ post එක බලල නැත්නම් මෙතනින්  බලන්න පුලුවන්. ඒත් තවම අපි මේ animation එක අපේ game එකට එකතු කරගත්තෙ නෑ. ඒ ගැන තමයි මේ post එකෙන් කියන්න යන්නෙ.



මේ animation අපට එකතු කරගන්න වෙන්නෙ Animator Controller එකක් හරහා. මේකෙන් වෙන්නෙ මෙහෙම දෙයක්. අපි game එක start කරනකොට, game එක ඕනම state එකක තියෙන කොට අපට අවශ්‍යය animation එක කරගන්න මොනවහරි key එකක් ඔබන්න, එහෙම නැත්නම් mouse click කරන්න වෙනව. ඉතින් මේකට අපට script එකක් ලියන්න ඕන. එහෙමත් නැත්නම් animation එකක් auto play වෙන්න. script එකයි animation එකයි අතර සම්බන්ධතාවය හදන්නෙ මේ animation controller එක හරහා.

Animator Controller එකක් add කරගන්න මුලින්ම project window එකේ Asset folder එක යටතේ Animator කියල folder එකක් හදා ගන්න. දැන් ඒක ඇතුලට ගිහින් right click කරල ලැබෙන menu එකේ
Create->Animator Controller තෝරන්න.




ඊට පස්සෙ පහල පේනව වගේ file එකක් හැදෙනව. ඒක තමයි අපේ box එකට අදාල Animator Controller එක. ඒක double click කරන්න.


දැන් අපට පෙන්නන්නෙ මේ Animator Window එක. ඒකෙ state දෙකක් තමයි මේ පහලින් ඔයාලට පේන්නෙ. එකක් Any State එක. ඒකෙන් කියන්නෙ අපේ game asset එක ඕනම state එකක ඉන්න වෙලාවට මොනවද කරන්න ඕන animation කියල. අනිත් එක Entry එක. ඒකෙදි වෙන්නෙ game එකට enter වුන ගමන් මොනවද වෙන්න ඕන animation කියල.


අපි දැන් අලුත් state එකක් ගන්න ඕන. එකට ඔය තියෙන base layer එකේ ඕන තැනක් click කරල Create state -> Empty දෙන්න.


දැන් ඒ state එකේ නම වෙනස් කරගන්න forward පහළ රවුම් කරල තියෙන තැනින්.



දැන් අපේ animation එක මේ state එකට add කරගන්න ඕන ඒකට aniamtion folder එකට යන්න project window එකේ තියෙන. දැන් ඒ animation එක drag කරල state එකේ motion box එකට animation file එක ඇදල දාන්න.




















දැන් hierarchy window එකෙන්  cube එක select කරගන්න. දැන් ඒකට අදාළ inspector  එක දකුනු පැත්තෙන් වටෙනව.


දැන් Animator folder එකට යන්න. ඒකෙ තියෙනව නේද අපි හැදුව Animator Controller එක ඒක ඇදල දන්න cube එකේ inspector window එකට. එතකොට මොකද වෙන්නෙ, අපේ Animator Controller එක cube එකට වැටෙනව.


දැන් play button එක ඔබල බලන්න game එක පටන් ගන්නකොටම cube එකේ animation එක වෙනව ඔයාලට පෙනේවි. මෙතනදි ඇත්තටම වෙන්නෙ අපි entry state එකේ ඉඳල forward state එකට animation එක මාරු වෙන එක.



හබැයි අත්තටම අපට කරගන්න ඕන ඒක නෙමෙයි. අපිට ඕන එක state එකක ඉඳල තව state එකකට මාරු වෙන්න key එකක් press කරාට පස්සෙ. ඒක කරන්නෙ කොහොමද කියල බලමු අපි ඊලඟ පාඩමේදි. මේකෙදි මොනවහරි ප්‍රශ්නයක් ආවනම් පහලින් comment කරන්න. ඔබට ජය!

Saturday, October 20, 2018

Unity Tutorial Sinhala - Unity ගැන සිංහලෙන් ඉගෙනගමු - Unity Animation - 5

ඔයාලට මතක ඇති අපි පහුගිය post එකෙන් කතා කරේ game objects එකතු කරල unity environment එක හදාගන්නෙ කොහොමද කියල. අද අපි බලමු ඒ game objects වලට animation එකතු කරගන්නෙ කොහොමද කියල.කලින් post එක බැලුවෙ නැත්නම් මෙතනින් බලල එන්න පුලුවන් ඔයලට.



Unity වලදි අපටම Animation හදාගන්න පුලුවන් විදියට එයාල අපට options දීල තියෙන්න, ඒ කියන්නෙ game object (ex:- box) එකක position වෙනස් කරගන්න, rotate වෙන්න, ප්‍රමාණය වෙනස් කරගන්න වගේ පොඩි පොඩි වෙනස් කම් මෙකෙදි හදන්න පුලුවන්. (උදහරණයක් ලෙස අපට  Car එකක් ඉදිරියට පිටුපසට යවන්න ඕන) ඒ වගේ animation මෙකෙදි හදන්න පුලුවන්. ඒ වුනට මිහිහෙක් ඇවිදින animation එකක්. දුවන animation එකක් වගේ complex animation නම් මේකෙන් හදන්න අමාරුයි. එතනදි අපට Autodesk Maya, 3dx Max, Blender වගේ ලොකු software අපට භාවිතා කරන්න වෙනව.

අපි අද බලමු අපි ගිය සතිය create කරපු box එකට animation එකක් දාන්නෙ කොහොමද කියල. 



මුලින් අපට animation එක දාන්න ඕන object එක ඒ කියන්නෙ box එක select කරගන්න.ඊට පස්සෙ window -> Animation -> Animation තෝරන්න.(පහල රූපයේ පරිදි)



එතකොට ඔයාලට මේ animation window එක දකින්න ලැබෙවි. ඒකෙදි create තෝරන්න. 


ඊට පස්සෙ අපේ animation එක save කරගන්න window එකක් ඒවි. එතනදි අපි කැමති තැනක animation එකට නමක් දාල අපට save කරගන්න පුලුවන්. මම මෙතනදි animation කියල folder එකක් හදල, අපි හදන්න යන්නෙ box එක ඉදිරියට යන animation එකක් නිසා forwardAnimation කියල .anime file එකක් විදියට save කරගත්ත.


හරි, දැන් අපි animation එක දාන්න ඕන. ඒකට මම මේ නිල් පාටින් රවුම් කරල තියෙන රතුපාට බොත්තම ඔබල box එකේ පිහිටීම scene window එකෙන් වෙනස් කරගන්න. එතකොට ඔයාලට පෙනෙවි time එක  0 දි key frame එකක් වැටේවි. 



ඊට පස්සෙ cursor එක 1 වෙනි විනාඩියට තියල click කරන්න. එතකොට සුදුපාට ඉර 1 වෙනි විනාඩියට එනව. දැන් box එකේ පිහිටීම වෙනස් කරන්න ඉදිරියට යනව වගේ box එක ඉදිරියෙන් තියල.



දැන් මේ play button එක ඔබල බලන්න ඔයලට box එක ඉස්සරහට යන animation එක play වෙනව පෙනේවි. දැන් animation window එක close කරන්න.



ඔයාලට project window එකේ animation කියන folder එකේ ඔයාලට බලාගන්න පුලුවන් අපි හැදුව animation එක පහල රූපයේ වගේ.



තාම animation එක හැදුවට game එකට මේ animation එක දැම්මෙ නෑ. ඒක අපි බලමු ඊලඟ post එකෙදි. මේක ටිකක් වරදිනව වගේ නම් ගනන් ගන්න එපා. මං youtube video එකකුත් කරන්නම් මේ ගැන ඉක්මනටම. ඒකෙදි මම forward එකට වගේම box එකේ අනිත් animation(turn left, turn right) කරන්නෙ කොහොමද කියලත් කියන්නම්.

ඔයාලගෙ comments, ප්‍රශ්න තියෙනවනම් පහල comment section එකේ දාන්න. ඔබට ජය!


Battle Zone - Legacy Reborn(TRON Game) Game Review & Download setup #free

ඔන්න ඉතින් අදත් ඔයාලත් එක්ක මං එකතුවෙන්නෙ ලංකාවෙ හදපු සුපිරිම ටිකක් වෙනස්ම විදියෙ Unity Game එකක් එක්ක. මේකෙ නම Battle Zone - Legacy ...