Showing posts with label game. Show all posts
Showing posts with label game. Show all posts

Monday, January 21, 2019

කූඹියෝ (Koombio) Game Review & Setup Download #Unity #Kodex #Free_Setup

ඉතිං ඔයාල එක්ක කාලෙකින් එකතු වුනේ අලුත් Game Review Section එකත් එක්ක. හැමෝම බලගෙන හිටිය කූඹියෝ game launch එක පහුගිය සෙනසුරාද එහෙමත් නැත්නම් ජනවාරි 19 වෙනිදා Dialog Axiata Auditorium එකේදි පැවැත්වුණා. ඒ ගැන තමයි අද අපි කතා කරන්න යන්නෙ.



මුලින්ම කියන්න ඕන මේ Game එක නිර්මාණය කරේ Kodex ආයතනය විසින්. මේක විශේෂ වෙන්නෙ ලංකාවෙ නිෂ්පාදනයක්, ලංකාවෙ ප්‍රථම වරට TV series එකක් Base කරගෙන හදපු පළමු game එකක් විදියට කූඹියෝ game එක හඳුන්වන්න පුලුවන්. මම ඔයාලට tutorials කරපු Unity Game engine එක පාවිච්චි කරල තමයි Game එක නිෂ්පාදනය කරල තියෙන්නෙ. ඒක නිසා අමතක කරන්න එපා ඔයාලටත් Game එකක් හදන්න පටන් ගන්න පුලුවන් Advanced Game Engine එකක් Unity කියන්නෙ. පහලින් මම Game Play එකේ Screenshots ටිකක් දාලම Review එකට එන්නම්.








මේකෙදි ඔයාලට Play කරන්න තියෙන්නෙ මේ TV Series එකේම එන ප්‍රධාන චරිත 3 විදියට. ඒ කියන්නෙ ජෙහාන්, ප්‍රියන්ත සහ හිරුණි කියන චරිත 3 විදියටම ඔයාලට  Game එක Play කරන්න ලැබෙනව. ඉතින් Game එක පුරාවටම missions තියෙනව 3rd person open world game එකක් විදියට play කරන්න. Game එක play කරන්න පටන් ගන්නෙ ප්‍රියන්ත විදියට, මුලින්ම ජෙහාන් ඉන්න place එක හොයන්න, ඊට පස්සෙ delivering කරන්න ඒ විදියට කථාවෙ විදියට objectives complete කරන්න තියෙනව. සේරම කියන්නත් හොඳ නෑනෙ, ගහලම බලන්න. 😄😉😉



ඔයාලට පේනව ඇති Game එක ගැන කතා කරොත් මුලින්ම කියන්න ඕන graphics ඉතාම හොඳ තත්වයේ තියෙනව. ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව Ultra Graphics දාල Play කරන්න පුලුවන්. Game එකේ Reality බව ගන්න TV series එකේම videos effects භාවිතා කරල Game එක අතරට Cut Scenes විදියට යොදාගෙන තියෙනව. Game assets වලට අදාලව buildings, vehicles ලංකාවෙ තත්වෙටම ඒ තියෙන විදියටම design කරල තියෙනව.

System Requirements
--------------------------


kodex ආයතනය විසින් මේ game එක හදල තියෙන්නෙ windows, mac සහ ubuntu කියන platform 3නේම play කරන්න පුලුවන් විදියට. ඒ වගේම option panel එකේ ඔයාලට බලාගන්න පුලුවන් quality එක resolution ඔයාල කැමති විදියට වෙනස් කරගන්න පුලුවන්.  අවම වශයෙන් ඔයාලට මේ Game එක play කරන්න 2GB Ram එකක් තියෙන්න ඕන, 8GB storage එකක් තියෙන්න ඕන කියල තමයි kodex ආයතනය නිර්දේශ කරල තියෙන්නෙ. ඉතින් මේක තියෙන්නෙ version 1 කියල ඉස්සරහට ඔයාලට මේකෙ හොඳ version බලගන්න පුලුවන් වේවි.

ඉතින් මේ ලිපියේ අවසානයෙ තියෙනව kodex ආයතනය විසින් Game එක free download කරන්න පුලුවන් official web site එක ඒවගේම mediafire direct link එක, Game එක තියෙන. හැබැයි Game setup එකේ size එක නම් 3.6GB වෙනව. mediafire link එකෙන් direct download කරගන්න පුලුවන්.

Download link
-------------------

Official website :- http://koombiyogame.com/

Download by Mediafire :- http://www.mediafire.com/file/5tp7cvk9k2vag6u/KoombiyoGame+V1.rar

ඉස්සරහටත් මේ වගෙ games reviews, tutorials ගේන පොරොන්දුවත් එක්ක නැවතත් හමුවෙමු. ඔබට ජය!

Friday, October 12, 2018

Unity Tutorial Sinhala - Unity ගැන සිංහලෙන් ඉගෙනගමු - Create a game project - 4

කලින් කිව්ව වගේ අද අපි අපේ Game එක හදන්නයි යන්නෙ මේ tutorial එක මුලින් බලන කෙනෙක්නම් ඔයාලට මෙතනින් මගේ පලවෙනි tutorial එකේ ඉඳල tutorials ටික බලල unity background එක ගැන idea එකක් ගන්න පුලුවන්.


ඇත්තටම එක post එකකින් සම්පූර්ණ game එකක් හදන්න අමාරුයි. මොකද game එකක් හදනකොට modeling, scripting, animation, lightning වගේ ගොඩක් දේවල් කරන්න ඕන. ඒක නිසා මේව වෙනම කොටස් වශයෙන් ඉදිරි post වල ඔයාලට බලන්න පුලුවන්. අද අපි බලමු game එකේ පරිසරය හදගන්නෙ කොහොමද, කැමරා place කරන්නෙ කොහොමද කියල.

හරි, මුලින්ම unity, open කර ගමන් ඔයාලට පේන්නෙ මේ පහල තියෙන window එක.


එතනින් ඔයාලට project name එකට කැමති නමක් දෙන්න ඔයාල හදන project එකට අදාළව. ඊට පස්සෙ project එක save කරන්න ඕන තැනත් දෙන්න. සාමාන්‍යයෙන් unity project, save වෙන්න unity තෝරල තියෙන්නෙ My documents වල. ඊට පස්සෙ project එක 3D එකක්ද එහෙමත් නැත්නම් 2D එකක්ද කියල තොරන්න ඕන. අපි දැන් කරන්නෙ 3D project එකක් නිසා 3D තෝරන්න. ඊට පස්සෙ Create Project තෝරන්න.


එතකොට උඩ රූපයේ පේනව වගේ project එක ඇවිත් ඇති Untitled කියල scene එකත් එක්ක. අපිට default දෙනව Main camera එකයි Directional Light එකයි scene එක යටතේ. මුලින්ම ඔයාල scene එක save කරගන්න කැමති නමකින් files -> Save Scene (මම Scene එක save කර්ල තියෙන්නෙ  "3" කියල )තෝරල.


ඉහල පේනව වගේ scene window tab එක තෝරල අපි game එක build කරන scene එකට යන්න ඕන.

ඊට පස්සෙ game එක හදන්න game objects ගන්න ඕන. අපිට cube එකක් ඕන කියමු.


GmeObject -> 3D object -> Cube තෝරන්න. ඒ විදියට ඔයාලට කැමති GameObject එකක්(sphere,capsule,cylinder,plane etc) අපේ Scene එකට එකතු කරගන්න පුලුවන්.


දැන් මේ cube එකට වෙනස්කම් කරන්න පුලුවන් W(cube එකේ පිහිටීම වෙනස් කරන්න), E -(cube එක හරවන්න), R - Cube එකේ size එක වෙනස් කරන්න. හරි අවශ්‍ය විදියට හදාගත්තට පස්සෙ Game objects වලින් Plane එකකුත් ගන්න cube එක ගත්ත විදියටම.


දැන් ඔයාලට මෙන්න මේ විදිහයට තමයි පේන්නෙ. scene window එකේ එහෙම පෙනුනට ඇත්තටම  game එක play button එක ඔබල play කරොත් ඔයාලට එහෙම පේන එකක් නෑ. මොකද තාම Main camera එක අපිට game එකේ පේන විදියට හදාගන නැති නිසා. ඒකට Main camera එක select කරන්න hierarchy window එකෙන් .


ඊට පස්සෙ Main camera  එක scene window එකේදි W key එක ඔබල පිහිටීම වෙනස් කරන්න අපි ගත්ත cube එක පේන විදියට.


මම හදා ගත්ත විදිය තමයි ඔයාලට ඉහලින් පේන්නෙ. scene window එකේ camera preview එකෙන් අපිට බලන්න පුලුවන් Main camera එකෙන් Game එක පේන ආකාරය. ඒ විදියටම Game window එකෙනුත් අපට පේනව. දැන් scene window එක ඉහල play mode වලින් play කරල බලන්න.



එතකොට Game එක පේන ආකාරය game window එකෙන් බලාගන්න පුලුවන්.(ඉහත ආකාරයට)

මං හිතන්නෙ දැනට ඔයාලට idea එකක් ඇති  Game objects කොමහොමද game එකේ පෙනෙන ආකාරයට place කරන්නෙ කියල. ඊලඟ tutorial එකෙන් බලමු Game objects වලට animation එකතු කරන්නෙ කියල.

ඔයාලගෙ comments, ප්‍රශ්න තියෙනවනම් පහල comment section එකේ දාන්න. ඔබට ජය!

Battle Zone - Legacy Reborn(TRON Game) Game Review & Download setup #free

ඔන්න ඉතින් අදත් ඔයාලත් එක්ක මං එකතුවෙන්නෙ ලංකාවෙ හදපු සුපිරිම ටිකක් වෙනස්ම විදියෙ Unity Game එකක් එක්ක. මේකෙ නම Battle Zone - Legacy ...