Unity එක්කම තරඟකරීව යන game engine විදියට unreal, cryengine, source, godot වගේ game engine අපට හඳුන්වන්න පුලුවන්. Unity ගොඩාක් දෙනා අතර ප්රචලිත වෙන්න හේතුව භාවිතා කිරීමේ පහසුව සහ free edition එකක් විදියට ඕන කෙනෙක්ට භාවිතා කිරීමේ හැකියාව. ලේසියෙන් 3d, 2d games හදන්න unity විසින්ම ලබා දෙන libraries, unity systems වලින් scripting කරනකොට අපට import කරගන්නත් පුලුවන්.
Scripting වලට unity භාවිතා කරන්නෙ C# කියන progamming language එක. කලින් නම් unity ල විසින්ම ලබා දුන්න js language එකත් තිබුන. අලුත් සංස්කරණයෙදි ඒක ඉවත් කරල තියෙනව. programming කරන්න MonoDevelop IDE එකත් ඔයලට unity game engine එකත් එක්ක free ලැබෙනව. C# තියෙනව කියල බයවෙන්න එපා C# කියන්නෙත් java වගේම object oriented language එකක්. මේකත් එක්කම C# වැඩසටහන් මාලවක් blog එකෙන් ගේන්න මං ඔයලට පොරොන්දු වෙනවා.
මුලින්ම unity Game engine එක install කරගන්න. ඒක නම් ඔයාලට කරගන්න වෙන්නෙ online තමයි. Unity ල personal edition එකක් release කරල තියෙන්නෙ ඕනම developer කෙනෙක්ට free download කරල use කරන්න. පහල link එක use කරල ඔයාලට පුලුවන් unity, download කරගන්න.
Download link :- https://store.unity.com/download?ref=personal
ඊට පස්සෙ ඔයාලට ලැබෙන්නෙ unity 2018.2 අලුත්ම unity version එකේ web page එක. ඒකෙ පහල තියෙනව වගේ terms accept කරල installer එක download කරගන්න.
ඔයාල use කරන OS එක Mac නම් page එකේ පහල තියෙනව Mac installer එක ගන්න link එකක්, එකෙන් ගන්න පුලුවන්.
ඒ විදියට installer එක download කරල install කරගන්න. ඊලඟ පාඩමේදි අපි බලමු unity ඇතුලට ගිහින් වැඩ කරන හැටි. ඔයාලගෙ comments, ප්රශ්න තියෙනවනම් පහල comment section එකේ දාන්න. ඔබට ජය!
Supiri digatama post danna..
ReplyDeleteGodak wadagath post ekak
ekak