Showing posts with label Unity Tutorial. Show all posts
Showing posts with label Unity Tutorial. Show all posts

Sunday, October 7, 2018

Unity Tutorial Sinhala - Unity ගැන සිංහලෙන් ඉගෙනගමු - Main Windows -3

Unity, 3 වෙනි tutorial එකත් එක්ක තමයි අද ඔයාල එකතුවෙලා ඉන්නෙ. ඉතින් මගේ පලවෙනි සහ දෙවනි tutorial වලදි මම කතා කරා කොහොමද unity install කරගන්නෙ සහ unity asset flow එකත් එක්ක වැඩ කරන්නෙ කියල, නොබලපු අයට පුලුවන් පහල ලින්ක් එකෙන් ඒ post එකත් බලන්න.

Introduction :- http://binojishara21.blogspot.com/2018/09/unity-tutorial-sinhala-unity.html
Asset Workflow :- http://binojishara21.blogspot.com/2018/10/unity-tutorial-sinhala-unity-asset.html

පොරොන්දු වුනා වගේ මේ tutorial එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නෙ unity වල තියෙන main windows මොනවද, ඒවත් එක්ක වැඩ කරන්නෙ කොහොමද කියල ඔයාලත් එක්ක කතා කරන එක.



Unity වල ප්‍රධාන windows 6 ක් තියෙනව.

  1. Project Window 
  2. Scene Window
  3. Hierarchy Window
  4. Inspector Window
  5. Toolbar
  6. Game Window
1. Project Window


නම දැක්ක ගමන්ම හිතන්න පුලුවන් project window එක කියන්නෙ මොකද්ද කියල. ඔව් ඔයාලගෙ unity project එකට අවශ්‍යය සියලුම assets(වස්තු)  තියගෙන ඉන්නෙ මේ window එකේ. අපට අවශ්‍ය වෙලවට මේ window එකෙන් assets අරගෙන අපේ game එකට add කරන්න එහෙමත් නැත්නම් වෙනත් asset එක්ක සම්බන්ධ කරනකන් මේ window එකේ තියා ගැනීමේ හැකියාව තියෙනව.


ඔයාලට පේනව ඇති window එකේ වම පැත්තෙ තියෙන්නෙ අපේ project එකේ listed view එකක් ඉතින් අපට පුලුවන් පහසුවෙන්ම ඒ folders වලට ගිහින් අපට අවශ්‍යය folder එකේ තියෙන assets මොනවද කියල window එකේ බලගන්න.  

ඒ වගේම ඔය වම පත්තෙ ඉහල කෙලවරේ තියෙන favorite section එකට අපට පුලුවන් අපිට නිතර භාවිතා වන asset එකක්  drag කරල දාල ඒ asset එක නිතර නිතර භවිතා කරන්න යොදා ගන්නත්.


ඒ වගේම favorites  යටතේ search කරන්න කැමති ඕන දෙයක්(Material,Model,Prefabs,Scripts) තෝරගෙන Search ඉස්සරහින් තියෙන ඔය රතුපටින් වට කරල තියෙන drop down එකෙන්  Asset store තෝරල අපට අවශ්‍ය free සහ paid assets වෙනම filter කරල ගැනීමේ හැකියාවත් තියෙනව. ඉතින් ඒක asset store එකෙන් asset ගන්න ලොකු පහසුවක්. 

2. Scene Window



Scene window එක කියන්නෙ අපි game එක develop කරන්න use කරන window එක කිව්වොත් නිවැරදියි. අපට අවශ්‍යය සියලුම assets, game එකේ තියෙන්න ඕන විදියටම drag කරල place කරන්න මේ window එක උදව් වෙනව. ඔයාලට පෙනව ඇති දකුනු පත්තෙ උඩ කෙළවර,


මේ සලකුණ. මේකෙන් පෙන්නන්නෙ අපට Game එක පෙන්නන view එක. x,y,z කියන ආනත තල තුනට අදාලව අපේ game එක පෙන්වන ආකාරය කිව්වොත් නිවැරදියි. ඔයාලට පුලුවන් ඔයාලට කෙමති දිශානතියකින් බලන්න අවශ්‍යය තලය මත click කරල.

තව අපට අවශ්‍ය විදියට scene window එක එහා මෙහා ගෙනියන්න, ලක්ෂ්‍යයක්  වටා කරකවන්න වගේම විශාලනය කරන්න පහත keys ඕන වෙනව.

- Alt key එක ඔබාගෙන middle mouse button එක ක්ලික් කරගෙන scene එක එහා මෙහා ගෙනියන්න.

-  Alt key එක ඔබාගෙන left mouse button එක ක්ලික් කරගෙන scene එක ලක්ෂ්‍යයක් වටා කරකවන්න.

- mouse wheel එක කරකවන්න scene එක zoom කරන්න.


Scene view control bar


මේ bar එක වම් පැත්තෙ උඩ කෙළවරේ ඔයාලට බලගන්න පුලුවන්. shaded කියන drop down එකෙන් අපට scene එක shading mode එකේ එහෙමත් නැත්නම් වස්තු පෙනෙන ආකරයටම හෝ wireframe සැකිලි ආකාරයට බලන්න හදාගන්න පුලුවන්. 2D button එකෙන් 2D,3D පෙනෙන ආකාරයට වෙනස් කරගන්න පුලුවන්. light icon එකෙන් scene එකේ lights, on off කිරීමේ හැකියාව තියෙනව. Audio button එකෙන් ශබ්දය ඇති නැති කරන්න පුලුවන් වගේම ඊට එහා effect button එකෙන් skybox, fogs flares, animated material ඇති නැති කිරීමේ හැකියාව තියෙනව.

3. Hierarchy Window 


ඔයාල game එකක් හදනකොට game project එකට අදාලව default scene එකක් ලබෙනව. ඉතින් මේ scene එකට දාන assets පෙන්නනෙ  hierarchy window එක ඇතුලෙ. අපි scene window එකට asset එකක් දානකොට hierarchy window එකේ ඒ asset එක පෙන්නනව.


තව දෙයක්, මේ window එකේදි එක asset එකක් යටතේ තව asset එකක් අනිත් assets දාන්න පුලුවන්. මේකට කියන්නෙ parenting කියල. බලන්න උඩ රූපයේ parent යටතේ child, child 2 කියන asset 2ක තියෙනව. child 2 යටතේ  child 3 කියන asset එක තියෙනව. මේ විදියට child parent සම්බන්ධතා තියන්න මේ window එක උවමනා වෙනවා.


ඔයාලට පහසුවෙන්ම child විය යුතු asset එක drag කරල parent මත තියන්න පුලුවන්. එතකොට කලින් asset එක parent asset එකේ child කෙනෙක් වෙනව.

4. Inspector Window


Inspector window එකෙන් තමයි අපේ game objects වලට අදාල විස්තරාත්මක තොරතුරු සපයන්නෙ ඒවගෙම අපට අවශ්‍ය ආකාරයට game objects(assets,scripts,material prefabs) වල settings වෙනස් කරන්න වගේම game object වලට components, add කරන්නත් මේ window එක උවමනා වෙනව. 


ඉහත රූපයේ ඔයාලට පේන්නෙ player කියල game object එකකට colliders, Rigidbody, Scripts වගේ components add කරල තියෙන ආකාරය. ඉස්සරහ පාඩම් වලදි මේ window එක භාවිතා වෙන ආකාරය ප්‍රායෝගිකවම ඔයාලට බලාගන්න පුලුවන්.

5.Toolbar

Toolbar එක තියෙන්නෙ unity window එකේ උඩම. මේකෙ තියෙන tools වලින් කරන දේවල් පහල තියෙනව. 

 - scene view එකේ game object වල සිදුවෙන වෙනස්කම් මේකෙ පෙන්නනව.

- scene view එකේ objects වල කේන්ද්‍රය ලකුණු කරන්න.  ඒව කරකැවෙන හැටි පාලනය කරන්නෙ මේ tool එකෙන්.

- හදපු game එකක් play කරන්නෙ pause කරන්නෙ, step කරන්නෙ මේ button වලින්.


- unity service window එක open කරන්න පුලුවන්.


- ඔයාලගෙ unity accounts වලට අතුලු වෙන්න පුලුවන් මේකෙන්.
- scene window එකේ පෙන්වන්න ඕන මොනවද කියල මේ tool එකෙන් තෝරන්න පුලුවන්.
- unity window එක පෙනෙන ආකාරය මේකෙදි තෝරන්න පුලුවන්.


6.Game Window 

game එක cameras වලින් පෙනෙන ආකාරය තමයි game window එකෙන් බලාගන්න පුලුවන්. ඒකට ඔයාල game එක හදල play mode වල play button එක click කරන්න. එතකොට අපේ අවසාන game view එක බලාගන්න පුලුවන්.

- play mode



මේ window එකේ free Aspect කියන drop down එකෙන් ඔයාලට පුලුවන් game එක පෙනෙන ආකාරය වෙනස් කරගන්න. scale එකෙන් කැමරාව පෙනෙන ආකාරය විශාලනය කරන්නත් පුලුවන් දෙගුණයක් දක්වා.

ඉතින් අද පාඩමින් අපි windows ගැන ගොඩක් දේවල් කතා කරා. මේව කරල බලන්න තව තව දේවල් සොයාගන්න. ඉතින් දැන් අපි unity වට පිටාව දන්න නිසා ඊලඟ පාඩමේදි game එක හදන වැඩේට බහිමු. ඔයාලට තියෙන ප්‍රශ්න, comments මට එවන්න පහල comment section එකෙන්. ඔබට ජය!

Tuesday, October 2, 2018

Unity Tutorial Sinhala - Unity ගැන සිංහලෙන් ඉගෙනගමු - Asset workflow - 2

මං හිතනව පහුගිය unity introduction පාඩමත් එක්ක සම්බන්ධ වුන ඔයලාට ඔයාලගෙම කියල game එකක් හදන්න ආසවක් දැන් ඇති කියල. තාමත් ඒ blog එක බලල නැත්නම් ඔයලට පුලුවන් පහල link එකෙන් ඒ tutorial එක බලන්න.

Introduction of Unity game engine - 1 :- http://binojishara21.blogspot.com/2018/09/unity-tutorial-sinhala-unity.html

අද අපි කතා කරන්නෙ Unity Asset flow එක ගැන. මේකෙදි unity වල භාවිතා කරන්න පුලුවන් assets(වස්තු) ගැන අවබෝධයක් ලබා දෙන්න තමයි මං බලාපොරොත්තු වෙන්නෙ.



Image files

Unity ගොඩාක් format වල image files වලට support කරනව. BMP, TIF, TGA, JPG වගේ format  වල image file වලට support කරනව. ඒ වගේම PSD(potoshop) file පවා තලරූපී(flattened) images විදියට unity වල භාවිතා කරන්න පුලුවන්.

FBX & Model files

3dx Max, Autodesk Maya සහ Blender වගේ 3d modeling softwares ගැන ඔයාල අහල ඇති. ඉතින් ඒවගෙන් design කරන 3d models ඔයාලට භාවිතා කරන්න පුලුවන් .fbx, .obj file format වලින්. අලුතින් එන 3d modeling software version වල නම් files tab එක යටතේ තියෙන export to unity option එකෙන් කෙලින්ම 3d models , unity වලට export කරන්න පුලුවන්.

Audio files

Audio files නම් compressed කල නැති files පවා unity විසින්ම compress කරල දෙනව. file format විදියට MP3 files, support කරනව.

Standard Assets

Unity විසින්ම ලබා දෙන engine එක අතුලෙ assets විශාල ප්‍රමාණයක් තියෙනව, මේව නම් හැම unity customer කෙනෙක්ම පොදුවේ භාවිතා කරන assets. උදාහරණ ලෙස 3D,2D objects, effects, lights, cameras, characters, environment වගේ දේවල් හඳුන්වන්න පුලුවන්. ඔයාලට පුලුවන් මේ asset භාවිතා කරන්න Main Menu එකේ game object,  tab එක  click  ලැබෙන මෙනු එකෙන්.(පහත රූපයේ පරිදි)


ඔයාල standard asset ගත්තොත් automatically ඒ asset එක hierarchy window එකේ වගේම project panel  එකේදිත් පෙන්නනව.(windows සහ panels ගැන ඊලඟ පාඩමේදි කතා කරමු). ඒ වගේම scene window එකටත් ඒක add වෙනව.

අලුතින් asset ඔයාලගෙ project එකට දානවනම් ඔයාලට පුලුවන් main menu එකේ asset tab එක යටතේ තියෙන import new assets.. option එකෙන් asset ගන්න. එහෙමත් නැත්නම් project panel එක right click කරල ලබෙන මෙනු එකේ import new assets.. තෝරන්න.(පහත රූපයේ පරිදි)

ක්‍රමය 1 :-



ක්‍රමය 2 :- 


Unity Asset Store

Unity ල එයාලගෙම කියල asset store එකක් පවත්වගෙන යනව එන පාරිභොගිකයන්ට එයලගෙන්ම asset ගන්න පුලුවන් විදියට. ඉතිං ඔයලට පුලුවන් සල්ලි වියදම් කරල නම් එහෙම නැත්නම් free දෙන asset වෙනම filter කරල ගන්න.(මෙතනදි asset කියනකොට unity plugins පවා asset store එකේ තියෙනව). ඒ වුනාට ඔයාල මුලින්ම මේකෙ unity account එකක් හදල register වෙන්න ඕන. ඊට පස්සෙ ඇති තරම් unity asset භාවිතා කිරීමේ හැකියව ඔයලට තියෙනව. (asset store ගැන, එකෙන් asset import කරන හැටි තවත් පාඩමකින් මං ගේන්නම් එතකන් අපි standard assets භාවිතා කරල බලමු.) 

ඊලඟ පාඩමේදි අපි බලමු unity panels සහ windows මොනවද කියල. ඔයාලගෙ comments, ප්‍රශ්න තියෙනවනම් පහල comment section එකේ දාන්න. ඔබට ජය!

Saturday, September 29, 2018

Unity Tutorial Sinhala - Unity ගැන සිංහලෙන් ඉගෙනගමු - Introduction of Unity game engine - 1

ඉතින් ඔයලත් එක්ක unity game engine එක ගැන කතා කරන පලවෙනි blog එක තමයි මේක. සම්පූර්ණ වැඩසටහන් මාලාවක් විදියට මේක ඉස්සරහට කරගෙන යන්න මං සැළසුම් කරල තියෙන්නෙ. ඒක නිසා මාත්  එක්ක දිගටම එකතුවෙලා ඉන්න අලුත්ම blog updates එක්ක එකතුවෙන්න.



Unity කියන්නෙ සරලවම කිව්වොත් game engine එකක්. ඒ කියන්නෙ ඔයලට අවශ්‍ය 2d, 3d games හදන්න පුලුවන් platform එකක්. games විතරක් නෙමෙයි application වල අතුරුමුහුනත්(UI) , Augmented reality Application, 3d modeling & designing, animations, films වගේ ගොඩාක් වැඩ කරගන්න පුලුවන් software එකක් තමයි මේක.

Unity එක්කම තරඟකරීව යන game engine විදියට unreal, cryengine, source, godot වගේ game engine අපට හඳුන්වන්න පුලුවන්. Unity ගොඩාක් දෙනා අතර ප්‍රචලිත වෙන්න හේතුව භාවිතා කිරීමේ පහසුව සහ free edition එකක් විදියට ඕන කෙනෙක්ට භාවිතා කිරීමේ හැකියාව. ලේසියෙන් 3d, 2d games හදන්න unity විසින්ම ලබා දෙන libraries, unity systems වලින් scripting කරනකොට අපට import කරගන්නත් පුලුවන්.

Scripting වලට unity භාවිතා කරන්නෙ C# කියන progamming language එක. කලින් නම් unity ල විසින්ම ලබා දුන්න js language එකත් තිබුන. අලුත් සංස්කරණයෙදි ඒක ඉවත් කරල තියෙනව. programming කරන්න MonoDevelop IDE එකත් ඔයලට unity game engine එකත් එක්ක free ලැබෙනව. C# තියෙනව කියල බයවෙන්න එපා C# කියන්නෙත් java වගේම object oriented language එකක්. මේකත් එක්කම C# වැඩසටහන් මාලවක් blog එකෙන් ගේන්න මං ඔයලට පොරොන්දු වෙනවා.

මුලින්ම unity Game engine එක install කරගන්න. ඒක නම් ඔයාලට කරගන්න වෙන්නෙ online  තමයි. Unity ල personal edition එකක් release කරල තියෙන්නෙ ඕනම developer කෙනෙක්ට free download කරල use කරන්න. පහල link එක use කරල ඔයාලට පුලුවන් unity, download කරගන්න.

Download link :- https://store.unity.com/download?ref=personal

ඊට පස්සෙ ඔයාලට ලැබෙන්නෙ unity 2018.2 අලුත්ම unity version එකේ web page එක. ඒකෙ පහල තියෙනව වගේ terms accept කරල installer එක download කරගන්න.


ඔයාල use කරන OS එක Mac නම් page එකේ පහල තියෙනව Mac installer එක ගන්න link එකක්, එකෙන් ගන්න පුලුවන්.

ඒ විදියට installer එක download කරල install කරගන්න. ඊලඟ පාඩමේදි අපි බලමු unity ඇතුලට ගිහින් වැඩ කරන හැටි. ඔයාලගෙ comments, ප්‍රශ්න තියෙනවනම් පහල comment section එකේ දාන්න. ඔබට ජය!

Battle Zone - Legacy Reborn(TRON Game) Game Review & Download setup #free

ඔන්න ඉතින් අදත් ඔයාලත් එක්ක මං එකතුවෙන්නෙ ලංකාවෙ හදපු සුපිරිම ටිකක් වෙනස්ම විදියෙ Unity Game එකක් එක්ක. මේකෙ නම Battle Zone - Legacy ...