මුලින්ම මම කියන්නම් මොකද්ද මේ INFOTEL කියන්නෙ කියල. මං කලින් කිව්ව වගේ INFOTEL කියන්නෙ වසරේ දැවන්තම තොරතුරු තාක්ෂණික ප්‍රදර්ශනය. මේක සංවිධානය කරන්නෙ FITIS (Federation of Information Technology Industry Sri Lanka) එකෙන්.1992 ඉඳන් මේ ප්‍රදර්ශනය පැවැත්වෙනව. ඒ කියන්නේ මේ 26 වෙනි වරට තමයි මෙවර INFOTEL එක පැවැත්වෙන්නෙ. මේ වසරේ FITIS, INFOTEL 2018 theme එක විදියට තෝරගෙන තියෙන්නෙ "Towards Digital Economy" කියන එක. මෙහි ප්‍රධාන අරමුණ තමයි අනාගත ඩිජිටලීකරණය අලුත් පරපුර සඳහා දායද කිරීම කියල කිව්වොත් මම නිවැරදියි.
ඉතින් මේ ප්‍රදර්ශනයේ මෙවර මම දැක්කෙ දෙයක් තමයි ගොඩක්ම Hardware products වලට වඩා Technology solutions තමයි highlight කරල තිබුනෙ. ඒවගේම IOT, Data science, Gaming, IT සම්බන්ධ නව නිපැයුම් වගේ ගොඩක් දේවල් මේ ප්‍රදර්ශනය හරහා ගේන්න පුලුවන් වෙලා තියෙනව.IT සම්බන්ධ සියලු තොරතුරු දැනගන්නවට අමතරව ඒ වෙලාවෙම අවශ්‍ය products තියෙනවනම් මිලදීගන්නත්, අධ්‍යාපනික වශයෙන් පාසල් යන ලමයින්ට ලබාගන්න ගොඩාක් දැනුම මෙහි අන්තර්ගත වෙලා තියෙනව.
ඉතින් විශ්වවිද්‍යාල මට්ටමෙන් අපේ විශ්වද්යාලයටත් හැම වසරකම වගේ මේ වසරෙත් අපට stall එකක් ලැබුන INFOTEL ප්‍රදර්ශනයෙ. මෙතනින් ඉදිරියට මම ඒ ගැන කතා කරන්නම්.
අපේ stall එක ගැන කතා කලොත් stall එක කරන්නෙ සබරගමුව විශ්වවිද්‍යාලයේ Department of Computing & Information Systems එහෙමත් නැත්නම් CIS department එකෙන්. මෙතනදි අපි IT සම්බන්ධ සියලුම ක්ෂේත්රයන් ආවරණය වන විදියට IOT things, Robotic Technology, Software Solutions වලට අදාළ ප්‍රදර්ශන භාණ්ඩ ප්‍රදර්ශනය කරල තියෙනව. මේ වසරට අදාළව ප්‍රදර්ශනය කර දේවල් තමයි මම පහලින් විස්තර කරල තියෙන්නෙ.
1. Fully assembled and programmed Drones - Arduino
මෙවර වසර 2 කට අදාලව ඔවුන්ගේ අතින්ම නිර්මාණය කරල programme කරපු Drones එහෙමත් නැත්නම් quad-copters 2ක් ප්‍රදර්ශනය කරන්න අපට පුලුවන් උනා. මේ නිර්මාණ කරල තියෙන්නෙ නයන මධුවන්ත හා ගයාන් චානක කියන සහෝදරයින් දෙදෙනා. මේ දෙකම නිර්මාණය කරල තියෙන්නෙ සහ programme කරල තියෙන්නෙ එයලා විසින්මයි. programme කරල තියෙන්නෙ Arduino platform එක භාවිතා කරල. මේක නිර්මාණය කරන්න Arduino UNO, Bushless motors, propellers, ESC, Transmeter, Receiver, Gyroscope, frame වගේ කොටස් ebay හරහා ගෙන්වල භාවිතා කරල තියෙනව. ඒ වගේම මේ drone දෙකම දැනට videography සහ photography වලට භාවිතා කරල තියෙනව. ප්‍රදර්ශනයට ආව නම් දන්නව ඇති ඔයාලට තනියම drone එකක් මුලසිට හදාගන්නෙ කොහොමද කියල එයාලම එහිදි කියාදුන්න. ඔයාලටත් idea එකක් තියෙනවනම් ඔයාලගෙම කියල drone එකක් හදන්න පහල මම දාන්නම් එයාලගෙ facebook links ඕන වෙලාවක contact කරගන්න පුලුවන්.
2. IOT based Monitering & Smart Analyzing Device for Agriculture
මේක ගැන කතා කරොත් කෘෂි කර්මන්තයේදි අපට ඕන වෙනව අපේ පැළ වලට කොච්චරක් තෙතමය, උෂ්ණත්වය හා හිරු එලිය අවශ්‍යද කියල නැත්නම් අපට අවශ්‍ය විදියට මේ පැළ වර්ධනය වෙන්නෙ නෑ. ඉතින් ඒකට විසඳුමක් විදියට මේ device එක හදල තියෙනව සුබොධ ජයසිංහ සහෝදරය. දැනට පැළ වල තියෙන ඉහත කියන සාධක ලබාගන්න moisture, soil humidity sensors භාවිතා කරල තියෙනව එතනින් එන data, NodeMCU එකක් භාවිතා කරල wifi හරහා local server එකකට යවනව ඊට පස්සෙ ඒ data අපට analyze කරල පුලුවන් තව කොච්චර standard වලට වඩා තියෙන්න ඕනද කියල නිගමනය කරල අවශ්‍ය විදියට සාත්තු කරන්න.
3. Smart Locker
මේක device එක lock එකක් විදිහට භාවිතා කරන්න පුලුවන් අපට. අපටම password එකක් set කරන්න, reset කරන්න, enter කරන්න පුලුවන්. මේක හදන්න Arduino UNO board, LCD display, key Pad එකක් සහ Lipo-Battery එකක් use කරල තියෙනව. Current එක නැතුව උනත් lock එක වැඩ කරන්නෙ මේ battery එක නිසා. Lock එකට servo motors භාවිතා කරල තියෙනව. ඒ වගේම මේකෙ තියෙන වාසියක් තමයි හදිසි power cut එකකදි උනත් Lock එක Unlock නම් lock වෙනව. Security අතින් මේක විශේෂ වෙන්නෙ ඒ නිසයි.
4. CNC Mini Plotter
මේක ගැන කතා කලොත් ඔයාල අහල ඇති ඕන තරම් plotters තියෙනව. ඒත් අතින් ඇන්ද වගේ රූපයක් ගන්න තියෙනවනම් ඒක වටිනව නේද, සැකිල්ල හදල තියෙන්නෙ පරන DVD Rom එකක් use කරල. ඒකටත් Arduino UNO, DVD ROM motors, motor shield වගේ කොටස් භාවිතා කරල තියෙනව. ආ... රූපෙ ඇන්දෙන්නෙ Bolt-point පෑනකින්. අපි තෝරගත්ත රූපයක් Inkscape වලින් Gcode කරනව ඊට පස්සෙ processing code එකක් හරහා arduino board එකට යනව. ඊට පස්සෙ arduino signal වලට අනුව අපි දුන්න රූපය ඒ විදියටම පෑනෙන් ඇන්දෙනව.
ඉතින් මං මේ කතා කරේ මේ වසරේ අපේ stall එකේ exhibits ගැන ඒ වගේම සෑම අවුරුද්දකම වෙනස්ම විදිහේ exhibits ගොඩාක් අපි ලඟ තියෙනව ඒ ගැන ඕනම වෙලවක දැනුම ලබාගන්න පුලුවන් අපේ සම්පත් සම්පත් දායකයින්ගෙන්.ලබන වසරෙත් අලුත් exhibits ගොඩක් එක්ක මීට වඩා හොඳ stall එකක් ගේන්න පොරොන්දු වෙන ගමන් ආරාධනා කරනව අපිත් එක්ක එකතු වෙන්න දැනුම බෙදා ගන්න අනිවර්යෙන් ලබන අවුරුද්දෙ INFOTEL බලන්න එන්න. අපේ stall එකටත් එන්න.
පහල තියෙනව ඉහත device වල නිමැයුරුවන්ගෙ facebook links. ඔයාලට ප්‍රශ්න, comments තියෙනවනම් අහන්න. මේ post එක ගැනත් comments තියෙනවනම් පහලින් දාන්න.එහෙනම් ඔබට ජය!
Facebook :- Nayana Madhuwantha
Gayan Chanaka
Subodha Jayasinghe
good one aiye !!!
ReplyDeletethanks malli..!
DeleteGood job
ReplyDeleteThanks Ruwandi!
Deleteela machannn
ReplyDeleteElama...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteNiyamai aiye.. Good luck...!!
ReplyDeleteThank you malli!
Delete