ඇත්තටම එක post එකකින් සම්පූර්ණ game එකක් හදන්න අමාරුයි. මොකද game එකක් හදනකොට modeling, scripting, animation, lightning වගේ ගොඩක් දේවල් කරන්න ඕන. ඒක නිසා මේව වෙනම කොටස් වශයෙන් ඉදිරි post වල ඔයාලට බලන්න පුලුවන්. අද අපි බලමු game එකේ පරිසරය හදගන්නෙ කොහොමද, කැමරා place කරන්නෙ කොහොමද කියල.
හරි, මුලින්ම unity, open කර ගමන් ඔයාලට පේන්නෙ මේ පහල තියෙන window එක.
එතනින් ඔයාලට project name එකට කැමති නමක් දෙන්න ඔයාල හදන project එකට අදාළව. ඊට පස්සෙ project එක save කරන්න ඕන තැනත් දෙන්න. සාමාන්‍යයෙන් unity project, save වෙන්න unity තෝරල තියෙන්නෙ My documents වල. ඊට පස්සෙ project එක 3D එකක්ද එහෙමත් නැත්නම් 2D එකක්ද කියල තොරන්න ඕන. අපි දැන් කරන්නෙ 3D project එකක් නිසා 3D තෝරන්න. ඊට පස්සෙ Create Project තෝරන්න.
එතකොට උඩ රූපයේ පේනව වගේ project එක ඇවිත් ඇති Untitled කියල scene එකත් එක්ක. අපිට default දෙනව Main camera එකයි Directional Light එකයි scene එක යටතේ. මුලින්ම ඔයාල scene එක save කරගන්න කැමති නමකින් files -> Save Scene (මම Scene එක save කර්ල තියෙන්නෙ "3" කියල )තෝරල.
ඉහල පේනව වගේ scene window tab එක තෝරල අපි game එක build කරන scene එකට යන්න ඕන.
ඊට පස්සෙ game එක හදන්න game objects ගන්න ඕන. අපිට cube එකක් ඕන කියමු.
GmeObject -> 3D object -> Cube තෝරන්න. ඒ විදියට ඔයාලට කැමති GameObject එකක්(sphere,capsule,cylinder,plane etc) අපේ Scene එකට එකතු කරගන්න පුලුවන්.
දැන් මේ cube එකට වෙනස්කම් කරන්න පුලුවන් W(cube එකේ පිහිටීම වෙනස් කරන්න), E -(cube එක හරවන්න), R - Cube එකේ size එක වෙනස් කරන්න. හරි අවශ්‍ය විදියට හදාගත්තට පස්සෙ Game objects වලින් Plane එකකුත් ගන්න cube එක ගත්ත විදියටම.
දැන් ඔයාලට මෙන්න මේ විදිහයට තමයි පේන්නෙ. scene window එකේ එහෙම පෙනුනට ඇත්තටම game එක play button එක ඔබල play කරොත් ඔයාලට එහෙම පේන එකක් නෑ. මොකද තාම Main camera එක අපිට game එකේ පේන විදියට හදාගන නැති නිසා. ඒකට Main camera එක select කරන්න hierarchy window එකෙන් .
ඊට පස්සෙ Main camera එක scene window එකේදි W key එක ඔබල පිහිටීම වෙනස් කරන්න අපි ගත්ත cube එක පේන විදියට.
මම හදා ගත්ත විදිය තමයි ඔයාලට ඉහලින් පේන්නෙ. scene window එකේ camera preview එකෙන් අපිට බලන්න පුලුවන් Main camera එකෙන් Game එක පේන ආකාරය. ඒ විදියටම Game window එකෙනුත් අපට පේනව. දැන් scene window එක ඉහල play mode වලින් play කරල බලන්න.
එතකොට Game එක පේන ආකාරය game window එකෙන් බලාගන්න පුලුවන්.(ඉහත ආකාරයට)
මං හිතන්නෙ දැනට ඔයාලට idea එකක් ඇති Game objects කොමහොමද game එකේ පෙනෙන ආකාරයට place කරන්නෙ කියල. ඊලඟ tutorial එකෙන් බලමු Game objects වලට animation එකතු කරන්නෙ කියල.
ඔයාලගෙ comments, ප්‍රශ්න තියෙනවනම් පහල comment section එකේ දාන්න. ඔබට ජය!
No comments:
Post a Comment