ඔන්න ඉතින් අදත් ඔයාලත් එක්ක මං එකතුවෙන්නෙ ලංකාවෙ හදපු සුපිරිම ටිකක් වෙනස්ම විදියෙ Unity Game එකක් එක්ක. මේකෙ නම Battle Zone - Legacy Reborn කියල තමයි නම් කරල තියෙන්නෙ. Game එක ගැන කතා කරන්න කලින් පහලින් පෙන්නන්ම් ඔයලට ඒක මොන වගේද කියල.
පේනව නේද Cover එකෙන් බැලූ බැල්මට TRON Film එක වගේමයි කියල, විශේෂත්වය තමයි Battle Zone - Legacy Reborn Game එක හදල තියෙන්නෙ ලංකාවෙ අපේම සහෝදරයෙක් වීම. ඒ තමයි සජිත රත්නායක අයිය. Game එක හදල තියෙන්නෙ Unity Game Engine එක use කරල. ඒ වගේම Game එක හදන්න මාස තුනක විතර කාලයක් ගිහින් තියෙනව. ඒ මාස 3න ගෙවෙන්නෙ දවසකට පැය 3ක් වගේ Game එක හදන්න යොදවල කියලයි ඔහු කියන්නෙ.
Game එක ගැන කතා කරොත් දැනට මේ Game එකේ Single Player Alpha Version එක release කරල තියෙන්නෙ. Arcade 3D Video Game ගණයට තමයි Battle zone game එක අයිති වෙන්නෙ. මම පහලින් දාල තියෙනව mediafire ලින්ක් එක. 64.4 Mb නිසා මම හිතනව කවුරුත් කම්මැලි නැතුව download කරගෙන play කරාවි කියල. අනිවාර්යෙන් download කරල Play කරල බලන්න. ලංකාවෙ වැඩක්නෙ.
Technical පැත්ත ගැන කතා කරනවනම් ඔයාල දැනටමත් දන්නව Game engine එක Unity. Models සේරම වගේ free download කරල use කරල තියෙන්නෙ. Ram Studio එකේ රවිඳු අයියවත් මතක් කරන්න ඕන files convert කරල models .fbx format එකට අරගෙන තියෙන්නෙ ඒ අයියගෙ උදව්වෙන්. UI ගොඩක්ම ලස්සනට design කරල තියෙනව වගේම simple. Alpha release එකක් ඔයාලට play කරන්න ලැබුණත් මම හිතනව ගොඩක් හොඳ finishing එකක් තියෙනව කියල.
Game Play එක ගැන කතා කරොත් මුලින්ම අපේ bike එකට කැමති පාටක් තොරගන්න පුලුවන්. ඒට පස්සෙ player ගෙ නම දීල අපට අවශ්‍ය විදියට settings වෙනස් කරගන්න පුලුවන්. ඊට පස්සෙ Create match වලදි අපි කැමති zone එකක(ඒ කියන්නෙ support items සියල්ල ඇතුලුව හෝ දෙකක් පමණක් ඇතුව), කැමති opponents ල එහෙමත් නැත්නම් players ල ගනණක්(2-8) සහිතව 5-60 min කාලයක් game එක play කරන්න හදන්න පුලුවන්. Game mode දැනට active වෙලා තියෙන්නෙ Death match විතරයි single player නිසා. capture point සහ knockout modes, multiplayer mode යටතේ ඉදිරියෙදි play කරන්න පුලුවන් වේවි ඔයාලට.
System Requirements නම් ගොඩක් ඕන නැතිවේවි. 1GB RAM, 512 VGA සහ 100mb Hard space තියෙනවනම් මේ game එකේ alpha release එක play කරන්න පුලුවන් වේවි. ඉතින් වැඩිය කියන්න ඕන නෑ game එක ගැන, play කරලම බලන්න.
Game එක ගැන හොඳ නරක තියෙනවනම් කියන්න.ඒ හැම එකක්ම අපේ ලංකාවෙ game developers ලට හොඳ feedback එකක් වේවි කියල මං හිතනව. අවශ්‍ය ඕනම දෙයක් අහල දැන ගන්න මේ සම්බන්ධව හෝ Unity ගැන, පහල link දාන්නම් සජිත රත්නායක අයියගෙ සහ එයාගෙ fb page වල ඕනම වෙලවක ඔයාට අවශ්‍ය දෙයක් අහල දැනගන්න පුලුවන් වෙවි.ඒ වගේම Geek Diaries ඉන්නව ඔයාල අහන ඕනම දේකට. ඔයාලට තියෙන ප්‍රශ්න සහ මේ post එක ගැන comment තියෙනවනම් මේ Post එක පහල comment section එකේ දාන්න. ඔබට ජය!
Download link :- MEGA/Google Drive link for download BATTLE ZONE - LEGACY REBORN Alpha version
FaceBook :- Sajitha Rathnayake
Website :- http://battlezonegame.onezerodev.com/
Fb Page :- https://web.facebook.com/OneZeroDev/
New Game Update : http://bit.ly/2XF8BuB
ReplyDeletealuth update ekak dala thiyenne. AI thawath improve karala thiyenne thawa tikak amaru wenna :) . Discord server ekata join wela bugs hari thawa hedenna ona dewal thiyenawa nam kiyanna. multiplayer vertion eka eddi ewa add karala gennam. Thanks .